ජාතික ලොතරැයි මණ්ඩලය විසින් පවත්වනු ලැබූ මෙගා පවර් ලොතරැයියේ 2210 වැනි දිනුම් වාරයේදී මෙරට ඉතිහාසයේ විශාලතම ලොතරැයි ත්‍යාගය දිනා ගැනීමට ඊයේ (16) දිනයේදී හැකි වී තිබේ.
මෙම ජයග්‍රාහී ලොතරැයිපත දිනාගත් වාසනාවන්තයාට රුපියල් 474,599,422 ක දැවැන්ත මුදලක් හිමිවනු ඇත.
මෙම වාසනාවන්ත ලොතරැයිපත අලෙවි කර ඇත්තේ ගොකරැල්ල ප්‍රදේශයේ ලොතරැයි අලෙවි නියෝජිතවරියක් විසිනි.
මීට පෙර මෙරට වාර්තා වූ විශාලතම ලොතරැයි ජයග්‍රහණය වූයේ රුපියල් කෝටි 23 ක මුදලක් වන අතර එයද මෙගා පවර් ලොතරැයියකින්ම දිනා ගැනීම විශේෂත්වයකි.