බදුල්ල, දුන්හිඳ ප්‍රදේශයේදී අද (21) සවස සිදු වූ බස් රථ අනතුරකින් තිදෙනෙකු මියගොස් තවත් 26 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.
පොලීසිය පවසන පරිදි, පෞද්ගලික චාරිකාවක ගිය පිරිසක් රැගත් බස් රථයක් දුන්හිඳ වංගු ප්‍රදේශයේදී මාර්ගයෙන් ලිස්සා ගොස් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවී ඇත. අනතුර සිදු වූ ස්ථානය බදුල්ල-මහියංගන මාර්ගයේ 4 කිලෝමීටර් කණුව ආසන්නයේ පිහිටා ඇති අතර, එය දැඩි වංගු සහිත ප්‍රදේශයක් ලෙස හඳුනාගෙන තිබෙනවා.
තුවාල ලැබූවන් වහාම බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති අතර, ඔවුන්ගෙන් කිහිපදෙනෙකුගේ තත්ත්වය බරපතල බවයි වාර්තා වන්නේ.
පොලීසිය මේ වන විට අනතුර සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති අතර, බස් රථයේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වීම අනතුරට හේතුවක් විය හැකි බවට සැක කෙරෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා ගැනීමට පොලීසිය සාක්ෂිකරුවන්ගෙන් ප්‍රකාශ ලබා ගනිමින් සිටින අතර, රියදුරු සහ සහායක රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත .