BREAKING NEWS 🔴 :

නීතිවිරෝධී බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් නව දෙනෙක් අත්අඩංගුවට

වත්තල පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත්

වත්තල පොලිස් බල ප්‍රදේශයේදී නීතිවිරෝධී ලෙස මුහුදු මාර්ගයෙන් මෙරටට රැගෙන ආ බීඩි කොළ තොගයක් සමග සැකකරුවන් නව දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වත්තල පොලිසිය සමත් වී තිබේ.


වැඩබලන පොලිස්පතිවරයාගේ නියෝග මත ක්‍රියාත්මක අපරාධ හා මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුමේ කොටසක් ලෙස මෙම වැටලීම සිදු කර ඇත. ඊයේ (2025.06.21) අලුයම වත්තල, ශ්‍රී වික්‍රම මාවතේ, කැලණි ගඟ අසලදී මෙම වැටලීම සිදු කර තිබේ.


 එහිදී බීඩි කොළ කිලෝග්‍රෑම් 1766ක් ලොරි රථයකට පටවමින් සිටියදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම බීඩි කොළ ප්‍රවාහනයට යොදාගත් ලොරි රථය සහ කුඩා බෝට්ටුවක් ද පොලිස් භාරයට ගෙන ඇත.


අත්අඩංගුවට ගත් සැකකරුවන් වත්තල, හුණුපිටිය, පමුණුගම සහ ත්‍රිකුණාමලය යන ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 52ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය පවසයි.


වත්තල පොලිසිය මේ පිළිබඳව වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post