BREAKING NEWS 🔴 :

සොරෙක් සහ සොර බඩු ලඟ තබාගත් දෙදෙනෙක් පොලිස් දැලේ

වැලිකඩ පොලිස් වසමේ නිවාස කිහිපයක් බිඳ දේපළ සොරා ගත් බව කියන පුද්ගලයෙකු සහ එම සොර බඩු ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණු දිස


වැලිකඩ පොලිස් වසමේ නිවාස කිහිපයක් බිඳ දේපළ සොරා ගත් බව කියන පුද්ගලයෙකු සහ එම සොර බඩු ළඟ තබා ගත් කාන්තාවක් සහ පිරිමි පුද්ගලයෙකු බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසියට ලද තොරතුරක් මත නානායක්කාර මාවතේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු කොළඹ 08 ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකි. විමර්ශන වලදී හෙළි වී ඇත්තේ සැකකරු 2025 ජුනි 17 සහ 18 යන දිනවල වැලිකඩ පොලිස් වසමේ නිවාස 09ක රාත්‍රී කාලයේදී දේපළ සොරා ගෙන ඇති බවයි.


මෙම සැකකරු සොරකම් කරන ලද දේපළ සඟවාගෙන සිටි තවත් සැකකරුවෙකු සහ සැකකාරියක් ඔබේසේකරපුර ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත. ඔවුන් රාජගිරිය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 52ක් වයසැති පිරිමි පුද්ගලයෙකු සහ අවුරුදු 45ක් වයසැති කාන්තාවකි.


වැලිකඩ පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන්ගේ අවධානය යොමු වී ඇති අතර ඉදිරියේදී මෙවැනි අපරාධ වැළැක්වීමට පොලිසිය දැඩි ක්‍රියාමාර්ග ගනු ඇතැයි අපේක්ෂා කෙරේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post