BREAKING NEWS 🔴 :

බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05 නැතිනම් අවුරුදු 02 යි

 
Laknews99 වෙත ලැබුණු තොරතුරු අනුව, මෑත දිනවල සමාජ මාධ්‍ය ජාලවල "බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05 නැතිනම් අවුරුදු 02 යි" යනුවෙන් පණිවිඩයක් සංසරණය වෙමින් පවත

බීමත්ව රිය පැදවීම සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල සංසරණය වන වැරදි තොරතුරු ගැන පොලීසියෙන් නිවේදනයක්!

Laknews99 වෙත ලැබුණු තොරතුරු අනුව, මෑත දිනවල සමාජ මාධ්‍ය ජාලවල "බීමත්ව රිය පැද්දොත් ලක්ෂ 05 නැතිනම් අවුරුදු 02 යි" යනුවෙන් පණිවිඩයක් සංසරණය වෙමින් පවතී. මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලීසිය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ එය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි.


පොලීසිය පවසන පරිදි, දැනට පවතින නීතිය අනුව බීමත්ව රිය පැදවීම මෝටර් වාහන පනතේ 203 වන අධිකාරියේ 214 (1)අ වගන්තිය සමඟ කියවෙන 1979 අංක 31 දරන මෝටර් වාහන පනතින් සංශෝධිත වූ 151 (1) වගන්තිය උල්ලංඝණය කිරීමකි. ඒ අනුව, 2019 අංක 10 මෝටර් වාහන සංශෝධිත පනතේ 07 වන වගන්තියෙන් සංශෝධනය වූ ප්‍රධාන ප්‍රඥප්තියේ 216 වන වගන්තිය යටතේ දඩුවම් හිමි වේ.


එහිදී රුපියල් 25,000/= සිට රුපියල් 30,000/= දක්වා දඩයකට හෝ මාස 03කට වැඩි නොවන කාලයක් සඳහා සිර දඬුවමකට හෝ ඒ දෙකටම යටත් විය හැකිය. එමෙන්ම රියදුරු බලපත්‍රය මාස 12කට වැඩි නොවන කාලයක් සඳහා අත්හිටුවීමට ද හැකියාව පවතී.


එබැවින්, සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන මෙම පුවත සත්‍ය නොවන අතර, මෙවැනි අසත්‍ය ප්‍රවෘත්ති පළ කර සමාජය නොමග යවන පුද්ගලයින්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය අවධාරණය කරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post