2025 වසරේ ලෝක රූ රැජින කිරුළ තායිලන්තය නියෝජනය කරමින් තරඟ වැදුණු සුචාතා චුවාංසිරි (Suchata Chuangsri) විසින් දිනාගෙන තිබේ. මෙවර තරඟාවලිය සඳහා ලොව පුරා රටවල් නියෝජනය කරමින් තරඟකාරියන් 108 දෙනෙකු සහභාගී වූහ.
තරඟකාරියන් මහාද්වීප 4ක් යටතේ කාණ්ඩ කර අවසන් වටය සඳහා එක් එක් මහාද්වීපයෙන් තරඟකාරියන් 10 දෙනෙකු බැගින් තෝරා ගැනුණි. අවසන් වටයේ දී සියලු දෙනා අභිබවා යමින් සුචාතා චුවාංසිරි ලෝක රූ රැජින කිරුළ හිමිකර ගත්තාය.
මෙම තරඟාවලියේදී ඉතියෝපියාවේ හසෙට් ඩෙරෙජේ ඇඩ්මාසු (Hasset Dereje Admasu) පළමු අනුශූරතාවය දිනාගත් අතර පෝලන්තයේ මාජා ක්ලජ්ඩා (Maja Klejda) දෙවන අනුශූරතාවය හිමිකර ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් 2025 ලෝක රූ රැජින තරඟාවලියට ඉදිරිපත් වූ අනුදි ගුණසේකරට අවසන් 40 දෙනා අතරට ඇතුළත් වීමට නොහැකි වීම නිසා තරඟයෙන් ඉවත් වීමට සිදු විය. ඇයගේ උත්සාහය අගය කරන අතර ඉදිරියේදී ජයග්‍රහණ අත්පත් කර ගැනීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.
ලෝක රූ රැජින තරඟාවලිය යනු ජාත්‍යන්තර අවධානය දිනාගත් වැදගත් තරඟයකි. මෙවැනි තරඟ සඳහා සහභාගී වීමෙන් තරුණියන්ට තම රට වෙනුවෙන් කීර්තියක් අත්කර දීමට මෙන්ම ජාත්‍යන්තර මට්ටමේ අත්දැකීම් ලබා ගැනීමටද අවස්ථාව සැලසේ.