BREAKING NEWS 🔴 :

හෙරොයින් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

 

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත 2024 මැයි 31 වන දින දහවල් වේයන්ගොඩ, එසැල්ල, නයිවලවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී හෙ



වේයන්ගොඩ, එසැල්ල ප්‍රදේශයේදී හෙරොයින් කිලෝ 3කට අධික ප්‍රමාණයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වේයන්ගොඩ පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ලද තොරතුරක් මත 2025 මැයි 31 වන දින දහවල් වේයන්ගොඩ, එසැල්ල, නයිවලවත්ත ප්‍රදේශයේ නිවසක් වටලා සෝදිසි කිරීමේදී හෙරොයින් කිලෝග්‍රෑම් 3යි ග්‍රෑම් 655ක පමණ ප්‍රමාණයක් සොයා ගැනීමට හැකි වී තිබේ.


මෙම වැටලීමේදී මත්ද්‍රව්‍ය කිරා මැන බැලීම සඳහා භාවිතා කරන මිනුම් උපකරණ සමඟ 26 හැවිරිදි සැකකරුවෙකු ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. එමෙන්ම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කිරීම සඳහා භාවිතා කරන බවට සැකකෙරෙන වෑන් රථයක් ද පොලිස් භාරයට ගෙන ඇති බව වාර්තා වේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් වේයන්ගොඩ පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබන අතර, සැකකරු සහ අත්අඩංගුවට ගත් සියලු දේපල සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post