BREAKING NEWS 🔴 :

දේවාල සේවකයෙක් සියදිවි හානිකර ගනී

කෝන්වැව ප්‍රදේශයේ දේවාලයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එම දේවාලයේ හිමිකරුගේ නිවස පිටුපස බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව එප්පාවල පොලීසිය පවසයි.

එප්පාවල කෝන්වැව ප්‍රදේශයේ දේවාලයක සේවය කරමින් සිටි පුද්ගලයෙකු එම දේවාලයේ හිමිකරුගේ නිවස පිටුපස බාල්කයක එල්ලී සියදිවි හානිකරගෙන ඇති බව එප්පාවල පොලීසිය පවසයි.


මෙලෙස මියගොස් ඇත්තේ ගැටදිවුල, කිරලෝගම පදිංචි විමලසේනගේ ධනුෂ්ක ප්‍රදීප් විමලසේන නැමැති 36 හැවිරිදි විවාහක අයෙකි. ඔහු වසර 10කට අධික කාලයක් එම දේවාලයේ ආවතේව කර ඇති අතර දේවාලයේ කපු මහතා සමඟ නිතර ආරවුල් ඇති කරගෙන ඇතැයි පොලිසිය පවසයි.


පොලිසිය වැඩිදුරටත් පවසන පරිදි ඊයේ රාත්‍රියේ කෝන්වැව ප්‍රදේශයේ අවමංගල්‍ය උත්සවයකදී ද ඔවුන් දෙදෙනා අතර ගැටුමක් ඇති වී තිබේ. පසුව ධනුෂ්ක ප්‍රදීප් නැමැත්තා දේවාලය ආසන්නයේ පිහිටි කපු මහතාගේ නිවසේ පිටුපස බාල්කයක ගෙල වැලලාගෙන සියදිවි හානිකරගෙන ඇත.


මියගිය පුද්ගලයාගේ සාක්කුවේ තිබී ලිපියක් සොයාගත් අතර එහි සියදිවි හානිකරගැනීමට හේතු සඳහන් කර තිබූ බව පොලිසිය පවසයි. සිද්ධිය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලැබේ.

1 Comments

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment
Previous Post Next Post