1983 අංක 248 දරණ ගැසට් පත්‍රයට අනුව මෝටර් වාහනයකට සවිකළ යුතු පහන් වර්ග ගැන නීති රීති කිහිපයක් පනවා තිබේ.
මෝටර් සයිකල් සහ ට්‍රැක්ටර් හැර අනෙකුත් වාහනවල රාත්‍රී කාලයේදී පාට නොකළ හෝ කහ පැහැති ලාම්පු දෙකක් ඉදිරිපස තිබිය යුතුයි.
එමෙන්ම වාහනවල ඉදිරිපස සුදු හෝ කහ පැහැති ආලෝකයක් සහ පිටුපස රතු පැහැති ආලෝකයක් නිකුත් කරන ලාම්පු සවි කර තිබිය යුතු බවද එම ගැසට් පත්‍රයේ සඳහන් වේ.
යතුරුපැදිවල ඉදිරිපස සුදු හෝ කහ පැහැති ආලෝකයක් සහ පිටුපස රතු පැහැති ආලෝකයක් නිකුත් කරන ලාම්පු සවි කර තිබිය යුතුයි.
මෙම නීති රීති පිළිපැදීමෙන් අනතුරු අවම කර ගැනීමටත්, ආරක්ෂිතව ගමන් කිරීමටත් හැකි වේ.