BREAKING NEWS 🔴 :

තලංගමදී පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වූ රියදුරු අත්අඩංගුවට

තලංගම, තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරෙකුට  පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වූ පුද්ගලයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ප්‍රාඩෝ වර්ගයේ

තලංගම, තලවතුගොඩ හන්දියේදී මෝටර් රථ රියදුරෙකුට  පිස්තෝලයක් පෙන්වා බිය ගැන්වූ පුද්ගලයෙකු තලංගම පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු ප්‍රාඩෝ වර්ගයේ ජීප් රථයකින් ගමන් කරමින් සිටි ව්‍යාපාරිකයෙකු බව පොලීසිය පවසයි.


පොලීසිය පැවසූ පරිදි, නුගේගොඩ මහසෙන් මාවතේ පදිංචි පුද්ගලයෙකු සිය මෝටර් රථයෙන් හෝකන්දර දෙස සිට තලවතුගොඩ දෙසට යමින් සිටියදී මෙම සිද්ධිය සිදුවී ඇත. සැකකරුගේ ප්‍රාඩෝ රථය මෝටර් රථය පසුකර යාමට කිහිප වතාවක් උත්සාහ කළද එය අසාර්ථක වී තිබේ.


ඉන් කෝපයට පත් සැකකරු තලවතුගොඩ හන්දිය අසලදී ජීප් රථයෙන් මෝටර් රථය පසුකර ගොස් නවතා, තමා සතුව තිබූ බලපත්‍ර සහිත 9mm වර්ගයේ පිස්තෝලයක් පෙන්වා මෝටර් රථයේ රියදුරු බිය ගන්වා ඇත.


මෝටර් රථයේ රියදුරු විසින් කරන ලද පැමිණිල්ලකට අනුව, සැකකරු සහ ඔහුගේ ගිනි අවිය පොලිස් භාරයට ගෙන ඇති අතර, ඉදිරි විමර්ශන තලංගම පොලීසිය විසින් සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post