ගතවූ 24 පැය තුළ පොලිසිය විසින් නීති විරෝධී මත්ද්‍රව්‍ය වැටලීම් ප්‍රදේශ කිහිපයක සිදුකරමින් සැකකරුවන් 7 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම වැටලීම්වලදී හෙරොයින්, අයිස් සහ නීතිවිරෝධී මත්පැන් පොලිසිය පවසනවා.
මාලිගාවත්තෙන් හෙරොයින් සමඟ දෙදෙනෙක්
එම වැටලීම් අතරින්, කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මාලිගාවත්ත පොලිස් වසමේ අව්හාල්සාවියා පාර ආශ්‍රිතව ලද තොරතුරක් මත අළුයම් කාලයේ සිදුකල වැටලීම් දෙකකදී සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර. ඔවුන් සතුව තිබී හෙරොයින් ග්‍රෑම් 56 මිලි ග්‍රෑම් 510 ක් සහ හෙරොයින් ග්‍රෑම් 06 මිලි ග්‍රෑම් 180 ක් සොයාගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 27 සහ 34 වන අතර, ඔවුන් කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවන් බවයි පැවසෙන්නේ. මෙම සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මාලිගාවත්ත පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇති අතර, මාලිගාවත්ත පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
මට්ටක්කුලියෙන් අයිස් සමඟ තිදෙනෙක්
මේ අතර, මට්ටක්කුලිය පොලිස් වසමෙන් ද අයිස් මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් ප්‍රධාන වැටලීම් කිහිපයක් වාර්තා වී තිබෙනවා. පොලිස් විශේෂ කාර්ය බලකා මූලස්ථාන කඳවුරේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත මට්ටක්කුලිය, ගැමුණුපුර ප්‍රදේශයේ සිදුකල වැටලීම් දෙකකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම 104 ක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 50 ක් සන්තකයේ තබාගෙන සිටි වයස අවුරුදු 22 සහ 27 වයස්වල පසුවන මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන මට්ටක්කුලිය පොලිස් ස්ථානයට ඉදිරිපත් කර තිබෙනවා.
එමෙන්ම, මට්ටක්කුලිය පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කදිරා නවත්ත ප්‍රදේශයේ සිදුකල තවත් වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 45 ක් සමග සැකකාරියක් අත්අඩංගුවට ගෙන ඇත. මෙම සැකකාරිය වයස අවුරුදු 41ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකාරියකි. මෙම සියලු අපරාධ සම්බන්ධයෙන් මට්ටක්කුලිය පොලිසිය මේ වන විට වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.
සීදූවෙන් 18 හැවිරිදි තරුණයෙකු හෙරොයින් සමඟ
තවද, සීදූව පොලිස් වසමේ අම්බලන්මුල්ල ප්‍රදේශයේදී සීදූව පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ලද තොරතුරක් මත සිදුකල වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 05 මිලි ග්‍රෑම් 300 ක් සන්තකයේ තබාගෙන සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 18 ක් වන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි පැවසෙන්නෙ. සීදූව පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.
නීති විරෝධී මත්පැන් තොගයක් පමුණුගමෙන්
ඒ වගේම, නීති විරෝධී මත්පැන් ජාවාරමට එරෙහිවද සාර්ථක වැටලීමක් පමුණුගම ප්‍රදේශයෙන් වාර්තා වී ඇත. පොලිස් විශේෂ කාර්ය බලකා සංවිධානාත්මක අපරාධ මර්ධන ඒකකයේ නිලධාරීන් කණ්ඩායමක් පමුණුගම පොලිස් වසමේ උස්වැටකෙයියාව ප්‍රදේශයේ සිදුකල වැටලීමකදී නීති විරෝධී මත්පැන් ලීටර් 506 මිලිලීටර් 250 (බෝතල් 675) ක් පමණ විශාල තොගයක් කාර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවෙකු රථයද සමග අත්අඩංගුවට ගෙන පමුණුගම පොලිස් ස්ථානයට භාර දී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 28 ක් වන බටුවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. පමුණුගම පොලිසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරයි.
මෙම සාර්ථක මෙහෙයුම් මගින් මත්ද්‍රව්‍ය සහ නීති විරෝධී මත්පැන් ජාවාරම මර්දනය කිරීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන ආයතන ගෙන යන කැපවීම නැවත වරක් තහවුරු කරන අතර, සාමය සහ ආරක්ෂාව පවත්වාගෙන යාම සඳහා මෙවැනි වැටලීම් අතිශයින් වැදගත් වේ. අත්අඩංගුවට ගත් සියලුම සැකකරුවන් අදාළ පොලිස් ස්ථාන මගින් වැඩිදුර පරීක්ෂණවලට ලක් කරනු ලබන අතර, ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරීමටද නියමිතය. මත්ද්‍රව්‍ය සහ අනෙකුත් නීති විරෝධී ක්‍රියාකාරකම් මැඩැලීම සඳහා නීතිය ක්‍රියාත්මක කරන අංශ ඉදිරියටත් මෙවැනි මෙහෙයුම් දියත් කර මත් රකුසා මෙරටින් එලවා හරින තුරු රටේ ජනතාව බලා සිටින බවක් ලක් නිව්ස් 99 වන අපට හැගෙනවා.