BREAKING NEWS 🔴 :

ගිනි අවියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

අරලගංවිල පොලිස් වසමේ කැකුළු වෙල ප්‍රදේශයේදී 2025 ජුනි මස 02 වන දින උදෑසන සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 03 යි ග්

අරලගංවිල පොලිස් වසමේ කැකුළු වෙල ප්‍රදේශයේදී 2025 ජුනි මස 02 වන දින උදෑසන සිදු කළ වැටලීමකදී මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සහ මුව මස් කිලෝ ග්‍රෑම් 03 යි ග්‍රෑම් 785 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව අරලගංවිල පොලිසිය පවසයි.


පොලිස් ස්ථානයට ලද තොරතුරක් මත අරලගංවිල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදු කර තිබෙනවා.


අත්අඩංගුවට ගත් සැකකරු, වයස අවුරුදු 48 ක් වන අතර, ඔහු කැකුළුවෙල ප්‍රදේශයේම පදිංචිකරුවෙකු බව පොලිසිය පවසන්නේ.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් අරලගංවිල පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන කටයුතු සිදු කරන අතර. අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post