BREAKING NEWS 🔴 :

රුපියල් ලක්ෂ 20කට අධික වාලම්පූරියක් සමග සැකකරුවෙක් අත්අඩංගුවට

ජාඇල: රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පූරියක් සහ ඊට සම්බන්ධ සැකකරුවෙකු අද (2025.06.02) ජාඇල නගරයේදී ජාඇල පොලිසිය විසින් අත්අ

රුපියල් ලක්ෂ 20කට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පූරියක් ජාඇලදී පොලිස් භාරයට - සැකකරුවෙක් අත්අඩංගුවට

ජාඇල: රුපියල් ලක්ෂ 20ක මුදලකට අලෙවි කිරීමට සූදානම් කර තිබූ වාලම්පූරියක් සහ ඊට සම්බන්ධ සැකකරුවෙකු අද (2025.06.02) ජාඇල නගරයේදී ජාඇල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


පොලිසියට ලද තොරතුරක් මත පදනම්ව ජාඇල පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් මෙම වැටලීම සිදුකර ඇත. ජාඇල පොලිස් වසම තුළ සිදුකළ මෙම මෙහෙයුමේදී, වාලම්පූරිය අලෙවි කිරීමට උත්සාහ දරා ඇති බවට සැකකෙරෙන පුද්ගලයෙකු පොලිස් භාරයට ගැනීමට හැකි විය.


අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 20ක් වන අතර, ඔහු සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


අත්අඩංගුවට ගත් වාලම්පූරිය සහ සැකකම්බන්ධයෙන් ජාඇල පොලිසිය විසින් මේ වන විට වැඩිදුර විමර්ශන කටයුතු සිදුකරගෙන යන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකරු අදාළ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post