හිටපු ජනමාධ්‍ය, සෞඛ්‍ය හා පරිසර අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ඔහුගේ පුත් රමිත් රඹුක්වැල්ල සහ හිටපු සම්බන්ධීකරණ නිලධාරී නිශාන්ත බණ්ඩාර බස්නායක යන සැකකරුවන් තිදෙනා ඇප මත මුදාහැරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය අද (03) නියෝග කර ඇත.
මෙම සැකකරුවන් රදවා සිටියේ, රජයට රුපියල් ලක්ෂ අසූවකට අධික පාඩුවක් සිදුකිරීම සම්බන්ධ පැමිණිලි තුනකට අදාළවයි. අධිකරණයට ඉදිරිපත් වූ පැමිණිලි අනුව, අමාත්‍යවරයා ලෙස කටයුතු කරන කාලයේ දී ඔහුගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයට නාමිකව පුද්ගලයින් 15 දෙනෙකු ඇතුළත් කර ඔවුන්ට වැටුප්, දීමනා සහ අතිකාල ගෙවීම් ලබා දීම හේතුවෙන් මෙම අනිසි පාඩුව සිදු කල බවට සැක කෙරේ.
කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය, අල්ලස් කොමිසම සහ විත්තිකරුවන්ගේ නීතිඥවරුන්ගේ තර්ක සලකා බලා මෙම තීන්දුව ලබා දුන්නා. සැකකරුවන් රුපියල් 50,000 ක මුදල් ඇප සහ රුපියල් මිලියනයක බැගින් ශරීර ඇප දෙකක් යටතේ මුදාහැරීමට නියෝග කරන ලාඇත. එමෙන්ම, ඔවුන්ගේ විදේශ ගමන් තහනම් කර ඇති අතර, ඇපකරුවන් ඔවුන්ගේ සමීප ඥාතීන් විය යුතු බවට ද අධිකරණය නියම කර ඇත.
අත්සන් විමර්ශනය සඳහා නියෝග
අල්ලස් කොමිසමේ නිලධාරිනියක් අධිකරණයට ඉදිරිපත් වී, සැකකරු රමිත් රඹුක්වැල්ලගේ ආදර්ශ අත්සන් විමර්ශනය සඳහා ලබා ගැනීමට අවශ්‍ය බව ප්‍රකාශ කළා. ඒ අනුව, මහේස්ත්‍රාත්වරිය රමිත් රඹුක්වැල්ල මහතාට හෙට (04) අල්ලස් කොමිසම හමුවේ පෙනී සිට අත්සන් ලබා දෙන ලෙස නියෝග කළා.
මෙම නඩුව යලිත් 2024 ඔක්තෝබර් මස 10 වැනි දින කැඳවීමට නියම කර ඇත.