ගම්පොළ ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුදැකීම සඳහා විශේෂ මෙහෙයුමක් මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. රටම දන්නා, පාතාලය හොල්ලපු දක්ෂ පොලිස් නිලධාරියෙකු වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී (එස්.එස්.පී) එරික් පෙරේරා මහතාගේ නායකත්වයෙන් මෙම මෙහෙයුම ක්‍රියාත්මක වීම විශේෂත්වයකි.
මීට පෙර, මෙම ජාවාරම් මැඬපැවැත්වීමට විවිධ උත්සාහයන් ගත්තද ඒවා සාර්ථක වූයේ නැත. නමුත්, ඉහළින් කිසිදු බලපෑමක් හෝ අත දීමක් නොමැතිව, එරික් පෙරේරා මහතාගේ මැදිහත්වීමත් සමග මෙම මෙහෙයුම සාර්ථක මාවතකට පිවිස ඇති බව පෙනේ.
මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් අනාගත පරපුර විනාශ වන බව හොඳින් දන්නා එරික් පෙරේරා මහතා ඇතුළු ඔහුගේ කණ්ඩායම, මෙම ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසුකර ගැනීම සඳහා කැපවී සිටී. ඔවුන්ගේ මෙම උත්සාහය අතිශයින්ම අගය කළ යුතු අතර, ඔවුන්ට සහයෝගය දැක්වීම අප සැමගේ යුතුකමකි.
අපේ අනාගත දරු පරපුර මත් උවදුරෙන් බේරාගැනීම සඳහා කැපවන මෙවැනි අවංක නිලධාරීන්ට අපගේ ගෞරවය පුදකරමු. ඔවුන්ට ශක්තියක් වීමෙන්, නිරෝගීමත් සමාජයක් බිහිකිරීමට දායක විය හැකිය.