BREAKING NEWS 🔴 :

රාගම ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය සමග සැකකරුවෙකු අත්අඩංගුවට

2025 ජූනි 22 වන දින මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සහ මිලිග්‍රෑම් 500 ක්, විද්‍යුත් තරාදියක් සහ ජ

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසය මගින් සිදු කරන ලද වැටලීමකදී අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු රාගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.


2025 ජූනි 22 වන දින මහර ප්‍රදේශයේදී ලද තොරතුරක් මත සිදුකළ මෙම වැටලීමේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 ක් සහ මිලිග්‍රෑම් 500 ක්, විද්‍යුත් තරාදියක් සහ ජංගම දුරකථනයක් සමඟ සැකකරු අත්අඩංගුවට ගත් බව වාර්තා වේ.


අත්අඩංගුවට පත් සැකකරු 38 හැවිරිදි මැදේවත්ත, රාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරු වැඩිදුර විමර්ශන සඳහා රාගම පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, රාගම පොලිසිය මේ සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2