BREAKING NEWS 🔴 :

කඩවත තෙමහල් ගොඩනැගිල්ලක ගින්නක්

ගින්න පිළිබඳව කඩවත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකකවල සහය ඇතිව ගින්න

ඊයෙ (23) දින කඩවත නගරයේ පිහිටි තෙමහල් ගොඩනැගිල්ලක ඉහළ මහලේ ඊයේ රාත්‍රියේ හදිසි ගින්නක් හටගෙන තිබෙනවා. මෙම ගොඩනැගිල්ලේ වෙළඳසැලක් ක්‍රියාත්මක වී ඇති බව වාර්තා වෙනවා.


ගින්න පිළිබඳව කඩවත පොලිස් ස්ථානයට ලද තොරතුරකට අනුව, පොලිස් නිලධාරීන් වහාම එම ස්ථානයට ගොස් කොළඹ සහ ගම්පහ මහ නගර සභාවල ගිනි නිවීමේ ඒකකවල සහය ඇතිව ගින්න මැඩපැවැත්වීමට කටයුතු කර තිබෙනවා.


මෙම ගින්නෙන් කිසිවෙකුටත් ජීවිත හානියක් සිදුවී නොමැති බව සඳහන්. ගින්න හටගැනීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, ඒ පිළිබඳව වැඩිදුර විමර්ශන කඩවත පොලිස් ස්ථානය විසින් ආරම්භ කර තිබෙනවා. 


රජයේ රස පරීක්ෂකවරුන්, විදුලි බල මණ්ඩලයේ නිලධාරීන් සහ අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් කැඳවා ගෙන මේ වන විට පරීක්ෂණ කටයුතු සිදුකරනු ලබනවා.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post