පානදුර, වෑකඩ ප්‍රදේශයේ යතුරුපැදි අමතර කොටස් අලෙවි කරන වෙළෙඳසැලක් ඉදිරිපිට පසුගිය 29 වන දා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියට ආධාර අනුබල දුන් බවට සැක කෙරෙන පුද්ගලයෙකු පානදුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, කවිරාජ මාවතේ පදිංචි 24 හැවිරිදි තරුණයෙකි. පොලිස් විමර්ශන වලට අනුව, වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු සහ යතුරුපැදිකරු මෙම සැකකරුගේ නිවසේ ඊට පෙර දින රාත්‍රියේ නවාතැන් ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කර ගැනීම සඳහා පොලිසිය මේ වන විටත් විමර්ශන කටයුතු සිදු කරමින් පවතී.
අත්අඩංගුවට ගත් සැකකරු පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් පැවසීය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කර ගැනීමටත්, සම්බන්ධ අනෙකුත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පොලිසිය දැඩි උත්සාහයක නිරත වේ.