ගෝඩා තොගයක් සමග සැකකරුවෙකු බණ්ඩාරගම පොලිස් දැලේ
බණ්ඩාරගම ප්‍රදේශයේ නීති විරෝධී මත්පැන් ජාවාරම් මැඩපැවැත්වීමේ අරමුණින් බණ්ඩාරගම පොලිස් ස්ථානය විසින් සිදු කළ වැටලීමකදී, නීති විරෝධී මත්පැන් පෙරීමට යොදා ගන්නා ගෝඩා තොගයක් සමග සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට 2025 මැයි මස 28 වන දින සවස් කාලයේදී හැකි වී තිබේ.
පොලිස් නිලධාරීන්ට ලද තොරතුරක් මත, බණ්ඩාරගම පොලිස් වසමේ රඹුකන, රඹුටන් ඇළ ප්‍රදේශයේදී මෙම වැටලීම සිදු කර ඇත. එහිදී, නීති විරෝධී මත්පැන් පෙරීම සඳහා සූදානම් කර තිබූ ගෝඩා ලීටර් 3068 ක් (බැරල් 18) සහ මත්පැන් පෙරීම සඳහා යොදා ගන්නා උපකරණ තොගයක්ද පොලිස් භාරයට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු, බෙත්ම ගොඩ, බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතියි. ප්‍රදේශයේ නීති විරෝධී ක්‍රියා මැඩපැවැත්වීම සඳහා පොලිසිය නිරන්තරයෙන් ක්‍රියාත්මක වන බවත්, ඉදිරියටත් මෙවැනි වැටලීම් සිදු කරන බවත් බණ්ඩාරගම පොලිස් ස්ථානය වැඩිදුරටත් පවසයි.