BREAKING NEWS 🔴 :

ආදිවාසී නායකයාගේ ප්‍රධානත්වයෙන් පදියදොර විහාරයට බුදුන් හා රහතන් වහන්සේලාගේ පිළිම 80ක් පූජා කෙරේ

පොසොන් පෝය නිමිති කොටගෙන, බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා වෙනුවෙන් නිර්මාණය කරන ලද පිළිම 80ක් සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් පසුගියදා

පොසොන් පෝය නිමිති කොටගෙන, බුදුන් වහන්සේ ඇතුළු අසූ මහා රහතන් වහන්සේලා වෙනුවෙන් නිර්මාණය කරන ලද පිළිම 80ක් සසුනට පූජා කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් පසුගියදා පදිතලාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පිහිටි පදියදොර ප්‍රදේශයේදී පැවැත්විණි.


මෙම මහඟු පුණ්‍ය කර්මය ආදිවාසී නායක ඌරුවරිගේ වන්නිලඇත්තන්ගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණු අතර, එම පිළිම පූජා කිරීම පසුගිය ජූනි මස 08 වන දින සිදු කෙරිණි.


සසුනට පූජා කරන ලද මෙම පිළිම තැන්පත් කර ඇත්තේ පදියදොර පුරාණ රාජ මහා විහාරස්ථානය සහ එහි පිහිටි දෙතිස් ඵල රුක ජය, ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩ සිටින ස්ථානය දක්වා වූ පරිශ්‍රයේය.


බුදුන් වහන්සේගේ එක් පිළිමයක් සහ අසූ මහා රහතන් වහන්සේලා නියෝජනය කරන පිළිම ඇතුළුව සම්පූර්ණයෙන් පිළිරූ 80ක් මෙලෙස නිර්මාණය කර සසුනට පූජා කර තිබේ.


මෙම පිළිම පූජා කිරීමේ ප්‍රධාන අරමුණ වී ඇත්තේ, පදියදොර ප්‍රදේශයේ සහ අවට සිටින සුවහසක් බෞද්ධ ජනතාවට පහසුවෙන් වන්දනාමාන කටයුතු සිදු කිරීමට අවස්ථාව සැලසීමයි.


පොසොන් සමයේදී මෙවැනි පුණ්‍ය කටයුත්තක් සිදු කිරීම සම්බන්ධයෙන් ප්‍රදේශවාසීන් සිය ප්‍රසාදය පළ කර තිබේ.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2