BREAKING NEWS 🔴 :

සබරගමුව සහ බස්නාහිර ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ක පමණ අධික වර්ෂාවක්

පවතින ක්‍රියාකාරී නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සහ ඉදිරියේදී අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ ව

බස්නාහිර, සබරගමුව ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයකට මි.මී. 100ක පමණ අධික වර්ෂාවක් - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් දැනුම් දීමක්


පවතින ක්‍රියාකාරී නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන්, දිවයිනේ ප්‍රදේශ කිහිපයකට ඉදිරි පැය කිහිපය තුළ සහ ඉදිරියේදී අධික වර්ෂාපතනයක් අපේක්ෂා කරන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.


ඒ අනුව, බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 100ක පමණ අධික වර්ෂාපතනයක් ඇතිවිය හැකි බව එම නිවේදනයේ සඳහන් වේ.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, දිවයිනේ නිරිතදිග කොටසේ වැසි තත්ත්වය අද (10) දින සිට තවදුරටත් සක්‍රීය වනු ඇති බවයි. මෙහිදී දිවයින පුරා සහ අවට මුහුදු ප්‍රදේශවල තද සුළං තත්ත්වයක් ද ඇතිවිය හැකිය.


බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල විටින් විට වැසි අපේක්ෂා කෙරේ.


එමෙන්ම, උතුරු පළාතේ මෙන්ම අනුරාධපුර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල ද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.


මේ අතර, සවස හෝ රාත්‍රී කාලයේදී බදුල්ල, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ද ඉඩ ඇත.


සුළං තත්ත්වය සම්බන්ධයෙන්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්වල, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද විටින් විට පැයට කිලෝමීටර් 50ක පමණ වේගවත් සුළං අපේක්ෂා කළ හැකිය.


ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී තාවකාලිකව ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවන හානි අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටී.


කාලගුණ තත්ත්වය පිළිබඳ ඉදිරි නිවේදන සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස ද දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post