මාධ්‍ය කොට්ඨාසය අනාවරණය කරන පරිදි, 2023 වසරේදී දියේ ගිලීම හේතුවෙන් සිදුවූ මරණ සංඛ්‍යාව 595ක් ලෙස වාර්තා වී ඇත. මෙය වාර්ෂිකව සිදුවන සැලකිය යුතු මරණ සංඛ්‍යාවක් බව ඔවුන් පෙන්වා දෙයි. මියගිය අය අතර පිරිමි පුද්ගලයින් 494ක් සහ කාන්තාවන් 101ක් සිටින බව ද වාර්තා වේ.
2024 වසරේ ආරම්භයේ සිට සැප්තැම්බර් 30 වන දින දක්වා පමණක් පුද්ගලයින් 504 දෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බව වාර්තා වේ. එම මරණ අතර පිරිමි පුද්ගලයින් 410 ක් සහ කාන්තාවන් 24 දෙනෙකු සිටින බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය වැඩිදුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරී එෆ්.යූ. වුට්ලර් මහතා පැවසුවේ, පොසොන් උත්සවය වෙනුවෙන් දිවයිනේ සියලු වැව් සහ අමුණු ආශ්‍රිතව හොඳින් පුහුණුව ලැබූ ජීවිතාරක්ෂක නිලධාරීන් 150ක් පමණ මේ වන විට යොදවා ඇති බවයි.
තවද, අනතුරුදායක බවට පෙන්වා ඇති දැන්වීම් පුවරු කෙරෙහි අවධානය යොමු කරන ලෙසත්, කිඹුලන් වැනි සතුන් ජලාශවල සිටිය හැකි බැවින් අනතුරුදායක තත්ත්වයන් මඟහරවා ගැනීම සඳහා මාර්ගෝපදේශ අනුගමනය කරන ලෙසත් ඔහු මහජනතාවගෙන් ඉල්ලා සිටී. විශේෂයෙන් පොසොන් සමයේදී දිය ස්නානයට යන පිරිස් මේ පිළිබඳව සැලකිලිමත් විය යුතු බවද ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.