BREAKING NEWS 🔴 :

ඉරාන ප්‍රහාරයෙන් ඊශ්‍රායලයේ සිටින ලාංකික කාන්තාවක් තුවාල ලබයි

ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇත. ටෙල්අවීව්, අයිෆා වැ

ඊශ්‍රායලය ඉලක්ක කර ගනිමින් ඉරානය විසින් එල්ල කරන ලද ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායලයේ රැකියාවල නිරත ශ්‍රී ලාංකික කාන්තාවක් තුවාල ලබා ඇත. ටෙල්අවීව්, අයිෆා වැනි ප්‍රදේශවලට එල්ල වූ ප්‍රහාරවලින් මෙම හානිය සිදුවී තිබේ.


ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා පවසා ඇත්තේ තුවාල ලැබූ කාන්තාවගේ තත්ත්වය බරපතළ නොවන බවයි. ඇය බැට් යම් ප්‍රදේශයේ සේවය කරමින් සිටියදී මෙම අනතුරට මුහුණ දී ඇත.


තවද, ටෙල්අවීව් නගරයට දකුණු දෙසින් පිහිටි ප්‍රදේශයක සේවය කරන තවත් ශ්‍රී ලාංකික කාන්තාවක් ඇය සේවය කරන නිවසේ ඇති වූ දෙදරීම හේතුවෙන් නිවැසියන් සමඟ ආරක්ෂිත ස්ථානයකට ගොස් ඇතැයි වාර්තා වේ.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post