පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ දක්ෂ නිලධාරීන් පිරිසක් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි පහරක් එල්ල කරමින්, නාවික හමුදාවේ බුද්ධි අංශයේ නිලධාරියෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා. මෙම නිලධාරියා මත්ද්‍රව්‍ය ජාවාරම්වලට ආධාර අනුබල දීම සහ ඒවාට කුමන්ත්‍රණ කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා නාවික තටාංගන අංගනයේ සේවය කරන ලුතිනන් කමාන්ඩර්වරයෙක්. ඔහු මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමග සම්බන්ධතා පවත්වාගෙන ගොස් ඔවුන්ට අවශ්‍ය තොරතුරු ලබා දී ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
පසුගිය 2024 ජූනි 26 වන දින ශ්‍රී ලංකා නාවික හමුදාව මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගත්තා. ඔවුන් සතුව හෙරොයින් කිලෝග්‍රෑම් 48යි ග්‍රෑම් 880ක් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 142යි ග්‍රෑම් 184ක් තිබී සොයා ගත් අතර, ධීවර යාත්‍රාවක්ද නාවික හමුදාව භාරයට ගත්තා. මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කළ විමර්ශනවලදී අනාවරණය වූ තොරතුරු මත මෙම නාවික හමුදා බුද්ධි නිලධාරියා අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී තිබෙනවා.
මෙම සැකකරු නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි 41 හැවිරිදි පුද්ගලයෙක් බවයි පොලිස් වාර්තා සඳහන් කරන්නේ. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය විසින් සිදු කරනු ලබනවා.