BREAKING NEWS 🔴 :

හිටපු ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ගැන ඔහුගේ බිරිඳගෙන් ලිපියක්

හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි.  දැන් ඉදින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත; මට තවත් රිදෙන්නට තැන් නැත!’’
“සෙනානි ජයරත්න අලුත්ගමගේ” තම සැමියා “මහින්දානන්ද අලුත්ගමගේ” ගැන තැබූ සටහන

බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතා පිළිබඳව ඔහුගේ බිරිඳ වන සෙනානි ජයරත්න අලුත්ගමගේ මහත්මිය විසින් ලිපියක් ලියා තිබෙනවා.

මෙම ලිපිය හිටපු අමාත්‍යවරයාගේ නිල ෆේස්බුක් ගිණුමේ පළ කර ඇත.

සෙනානි ජයරත්න මහත්මිය හිටපු අග්‍රාමාත්‍ය දි.මු. ජයරත්න මහතාගේ දියණියක වන අතර ඇය විසින් මෙම ලිපිය මගින් සිය සැමියා පිළිබඳව අදහස් දක්වා ඇත.

එම ලිපිය  පහතින් ඇත. 

උපුටා ගැනීම

හුදෙක් මගේ හෘදයසාක්ෂියෙන් නිදහස් වීම පිණිසම පමණක් මෙසේ සටහන් තබමි. 

දැන් ඉතින් ඔබ මට එල්ලා ගැසුවත් ගසා එල්ලුවත් කම් නැත. මට තවත් රිදෙන්නට තැන් නැත! යැයි සෙනානි ජයරත්න සිය සටහන තබා ඇත.


මගේ අයියා හිරේය !

මාස හයකට වසරකට ද නොවේ.

වසර 5 කට 10 කටද නොවේ.

වසරවලින් 20 කටය.

එය මගේ අයියාට නම් ජීවිත කාලයටම වගේය. ඒ ඒවනවිට ඔහුට වයස 81 ත් සපුරණ නිසාවෙනි.


අප ජීවත්වූ නිවස දැකීමත් මට අප්‍රියය. එහි එතරම්ම මතකයන්ය. අපි එහි පවුල් කෑවා පමණක් නොවේය. අප්‍රමාණ ආදරයක් බෙදාහදා ගත්තෙමු. අනෙක් හැමදෙනා මෙන් අපිද රණ්ඩු වුණෙමු. ඉඳහිට මා ගුටිත් කා ඇත. කතා නොකර සිටත් ඇත. ගෙදරින් මා පැන්නූ අවස්ථාද ඇත. වෙන්වී ජීවත් වූ දිනද ඇත. මේ සිදුවීම අස්සේත් අප සිටියේ විරසකවය. මේ හැම එකක්ම කලාතුරකින්ය. අන් සැම විටම අප බොළඳ ප්‍රේමවන්තයන්ය. ඔහු තරම් මා තරම් එකිනෙකාට ආදරය කළ කිසිවෙක් අප අතර නැත.


ඕනෑම දේකට කාලය විසඳුම් දෙන බව කියයි. ගෙවන හැම රැයක්ම පහුවදාට එළි පෙහෙලි වන්නේ මගේ හිතේ හයිය හූරාගෙනය. ඒ නිසා අනෙක් බොහෝ දේ මෙන්ම කාලයේ විසඳුම් ගැන මගේ විශ්වාසය හීන වේගන යයි.


මගේ අයියාගේ සිරුර නීතිය පසිඳලන සැමට පණපිටින් පවරා දෙමි. වෛද්‍යවරුන් මෙන් මගේ අයියාගේ සිරුර කපා කොටා ඉරා හෝ නීතියේ අඩු ලුහුඬු තැන් හොයාගෙන ඒවා නිවැරැදි කර අධිකරණ අමාත්‍යතුමා පෙන්වා දුන් මාලිමා ආණ්ඩුවේ යුක්තිය නොව නීතියේ දෙවඟනගේ යුක්ති මගේ අයියාගෙන් පසු හෝ මාලිමාවේ පටන් සියලු දේශපාලකයාට, නිලධාරියාට, රටවැසියාට උරුම කරදීමට ඔබ සැමට පක්ෂ පාට දේශපාලනයෙන් ඔබ්බට ගොස් හැකියාව ලැබේයැයි මම පතමි, ඒ පිං මගේ අයියාට අත්වේවායැයි පතමි. ඔහු කොහේ හිටියත් මානසික සුවයෙන් වැජඹේවා යයි පතමි.

උපුටා ගැනීම අවසන්


මෙලෙස සෙනානි ජයරත්න  මහත්මිය  මහින්දානන්ද අලුත්ගමගේ මහතාගේ ෆේස්බුක් පිටුවේ සටහන් කොට තිබුණි.  මෙහි අයියා  ලෙස  සටහන් කර ඇත්තේ  ඔහුගේ  සැමියා වන මහින්දානන්ද අලුත්ගමගේ  මහතාටය.

source: aruna news


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post