රක්ෂිත බන්ධනාගාරගතව සිටින, මේ වනවිට වැඩ තහනමට ලක් කර ඇති බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා අද (11 පෙරවරුවේ) බන්ධනාගාර නිලධාරීන් විසින් කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙනවිත් තිබේ.
මෙලෙස අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත්තේ, අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙකු නීති විරෝධී ලෙස නිදහස් කිරීම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව ගොනු කර ඇති නඩුවට අදාළවයි.
එම නඩුව අද දිනයේ කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කැඳවීමට නියමිතව තිබේ.