දැරණියගල: දැරණියගල පොලිස් වසමේ ගලහිටිකන්ද ප්‍රදේශයේදී සිදුවූ පහරදීමකින් පුද්ගලයෙකු මියගොස් තිබේ. මෙම සිද්ධිය 2025 ජුනි මස 10 වන දින පුද්ගලික ආරවුලක් මත සිදුව ඇති බවට දැරණියගල පොලිසිය සඳහන් කරයි.
පහරදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා කරවනැල්ල රෝහලට ඇතුළත් කිරීමේදී මෙලෙස මියගොස් තිබේ.
මියගිය පුද්ගලයා වයස අවුරුදු 50ක් වන අතර, ඔහු ගලහිටිකන්ද ප්‍රදේශයේම පදිංචිකරුවෙක් බව වාර්තා වේ.
මෙම සිද්ධියට සම්බන්ධයෙන් වයස අවුරුදු 24ක් වන සැකකරුවෙකු දැරණියගල පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. සිද්ධිය සම්බන්ධයෙන් දැරණියගල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබයි.