හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අද (11) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතයි.
මෙය හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහායි. එනම් ඖෂධ ආනයනය කිරීමේදී සිදුවූ යම් ගැටළුවක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමට නියමිතයි.
මීට පෙර කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබුණා. ඒ අනුව පසුගිය රජයේ මැති ඇමතිවරුන් කිහිප දෙනෙකුගෙන් දැනටමත් ප්‍රකාශ ලබාගෙන ඇති අතර, කැබිනට් මණ්ඩලයේ සාමූහික වගකීම යටතේ රනිල් වික්‍රමසිංහ මහතාගෙන් ද ප්‍රකාශයක් ලබා ගැනීමට නියමිත බවයි වාර්තා වන්නේ.