පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක සංවිධානය කර තිබූ Facebook සාදයක් වටලා තරුණයන් 26 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට අළුබෝමුල්ල පොලිසිය ඊයේ (14) අලුයම සමත් විය.
පොලිසියට ලැබුණු තොරතුරකට අනුව සිදු කළ මෙම වැටලීමේදී, සාදයේ සිටි තරුණයන් සතුව තිබී ගංජා සහ හෑෂ් ඇතුළු මත්ද්‍රව්‍ය සොයා ගෙන තිබේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 20ත් 28ත් අතර පසුවන බණ්ඩාරගම, පොකුණුවිට, මිල්ලනිය, හල්තොට, ඉංගිරිය හා පරගස්තොට යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව පොලිසිය පවසයි.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අළුබෝමුල්ල පොලිසිය විසින් සිදු කරනු ලබයි.