ඉන්දියාවේ උත්තරාකන්ඩ් ප්‍රාන්තයේ කේදාර්නාත් දේවාලය ආසන්නයේදී හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් පුද්ගලයින් හත් දෙනෙකු මිය ගොස් තිබේ. මෙම අනතුර සිදුව ඇත්තේ කේදාර්නාත් සිට ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් සිටියදීය.
මියගිය අය අතර වැඩිහිටියන් පස් දෙනෙකු සහ එක් දරුවෙකු සිටින අතර, ඔවුන් උත්තරාකන්ඩ්, උත්තර් ප්‍රදේශ්, මහාරාෂ්ට්‍ර සහ ගුජරාට් යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව හඳුනාගෙන ඇත.
හෙලිකොප්ටර් අනතුරට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර, සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ආරම්භ කර ඇත.