BREAKING NEWS 🔴 :

මහා පරිමාන ගංජා වගාවක් වටලයි

මහා පරිමාන ගංජා වගාවක් වටලයි

සූරියවැව පොලිස් බල ප්‍රදේශයට අයත් මීගහජදුර, ඉහළ කැටන්වැව ප්‍රදේශයේ අක්කරයක පමණ භූමි ප්‍රදේශයක වගා කර තිබූ ගංජා ගස් 12,000ක් සමඟ සැකකරුවෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


හම්බන්තොට පොලිස් විශේෂ කාර්ය බලකා කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව 2024 ජූනි මස 21 වන දින සවස මෙම වැටලීම සිදු කර ඇත.


අත්අඩංගුවට ගත් සැකකරු කුඹුක්වැව ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි. සැකකරු සහ ගංජා ගස් සූරියවැව පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පවසයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post