පදියතලාව, කොලමන්තලාව ප්‍රදේශයේදී බලපත්‍ර නොමැතිව තේක්ක දැව කඳන් කපා ප්‍රවාහනය කිරීමට සූදානම් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
පොලිස් විශේෂ කාර්ය බලකායේ මහඔය කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරක් මත සිදු කළ වැටලීමකදී, නීතිවිරෝධීව ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ තේක්ක දැව කඳන් 136ක් සොයා ගැනීමට හැකි වූ බව පොලිස් විශේෂ කාර්ය බලකාය පවසයි.
අත්අඩංගුවට ගත් සැකකරු 42 හැවිරිදි පදියතලාව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන අතර, වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ඔහුව මහඔය අඩවි වන කාර්යාලය වෙත ඉදිරිපත් කර ඇත.