හල්දුම්මුල්ල, ඌවතැන්න ප්‍රදේශයේදී රුපියල් දෙකෝටියකට ආසන්න වටිනාකමින් යුත් අයිස් මත්ද්‍රව්‍ය තොගයක් සමඟ විවාහක තරුණ යුවළක් අද (01) අත්අඩංගුවට ගත් බව හල්දුම්මුල්ල පොලීසිය පවසයි.
හල්දුම්මුල්ල පොලිස් ස්ථානාධිපතිවරයාට ලැබුණු රහසිගත තොරතුරක් මත ක්‍රියාත්මක වූ පොලිස් කණ්ඩායමක් විසින් සිදු කළ වැටලීමකදී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.
අත්අඩංගුවට ගත් තරුණයාගේ වයස අවුරුදු 19ක් වන අතර තරුණියගේ වයස අවුරුදු 20ක් බව පොලිසිය සඳහන් කරයි. ඔවුන් හල්දුම්මුල්ල, වටගමුව ප්‍රදේශයේ පදිංචි විවාහක යුවළක් වන අතර තරුණයාගේ මුල් පදිංචිය ගල්කිස්ස ප්‍රදේශය බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හල්දුම්මුල්ල පොලීසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් පවතී. අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් තවත් තොරතුරු අනාවරණය කරගැනීම සඳහා පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.