ගාල්ල, කොළඹ ප්‍රධාන මාර්ගයේ, උතුරු පයාගල ප්‍රදේශයේදී අද (01) උදෑසන සිදුවූ රිය අනතුරකින් යතුරුපැදියක ගමන්ගත් කාන්තාවක් එම ස්ථානයේදීම මියගොස් තිබේ.
පොලීසිය පැවසූ පරිදි, හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ මගී බස් රථයක, යතුරුපැදියක් ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත. අනතුරින් මියගොස් ඇත්තේ බෙන්තොට, හබුරුගල, මහවිල ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.
යතුරුපැදිය පදවාගෙන ගිය ඇයගේ සැමියා බරපතල තුවාල ලබා කළුතර, නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් බස් රථයේ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර, පයාගල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.