ඊශ්‍රායලයේ බෙනී බ්‍රැක් (Bnei Brak) ප්‍රදේශයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් එහි සේවය කරමින් සිටි ශ්‍රී ලාංකික තරුණයෙකු තුවාල ලබා තිබේ. මෙම තොරතුර ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතා සිය නිල ෆේස්බුක් ගිණුම ඔස්සේ ප්‍රකාශ කර ඇත.
තුවාල ලැබූ තරුණයා විමුක්ති මධුසංඛ වන අතර ඔහු අකුරැස්ස ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඉදිකිරීම් කටයුතු සඳහා ඔහු ඊශ්‍රායලයට ගොස් ඇත. මිසයිල ප්‍රහාරය හේතුවෙන් ඔහුගේ පාදයකට තුවාල සිදුව ඇති අතර දැනට ඔහුට අවශ්‍ය වෛද්‍ය ප්‍රතිකාර ලබාදීමට කටයුතු කරමින් පවතින බව තානාපතිවරයා වැඩිදුරටත් පවසා ඇත.
පැය 24 පුරාම තානාපති කාර්යාලයේ නිලධාරීන් තත්වය නිරීක්ෂණය කරමින් සිටින අතර මෙම ප්‍රහාරයෙන් පීඩාවට පත් වූවන් සිටීනම් වහාම තානාපති කාර්යාලය අමතන ලෙස නිමල් බණ්ඩාර මහතා වැඩිදුරටත් දැනුම් දී ඇත.