BREAKING NEWS 🔴 :

කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ඔහුගේ නිවසේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂ
image source:lankacnews

හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන විමර්ශනයකට අදාළව ඔහුගේ නිවසේ සේවිකාවක් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව වාර්තා වේ.


මෙම විමර්ශනය සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ නාමික පත්වීම් ලබාදී රජයේ වැටුප් සහ අතිකාල දීමනා අවභාවිතා කිරීම සම්බන්ධයෙන් බව වාර්තා වෙයි.


අත්අඩංගුවට ගත් කාන්තාව ඇඹිලිපිටිය ප්‍රදේශයේ පදිංචිකාරියක් වන අතර රාජපක්ෂ සුඛසිං පතිරණගේ නිපුනි ක්‍රිෂ්ණජිනා නමින් හඳුන්වයි. ඇය රඹුක්වැල්ල මහතාගේ නිවසේ සේවිකාවක් ලෙස සේවය කර ඇත.


අත්අඩංගුවට ගත් සැකකාරිය ඉදිරි නීතිමය කටයුතු සඳහා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් වැඩිදුරටත් පැවසා ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post