BREAKING NEWS 🔴 :

ගැරඬිඇල්ල බස් අනතුර ගැන සොයා බැලූ වාර්තාව ඇමති අතට

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අද (11) මහජන ආරක්ෂක අමාත්‍යංශයට භාරදුන් බව වාර්තා වේ.

කොත්මලේ, ගැරඬිඇල්ල ප්‍රදේශයේ සිදුවූ මාරක රිය අනතුර සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ වාර්තාව අද (11) මහජන ආරක්ෂක අමාත්‍යංශයට භාරදුන් බව වාර්තා වේ.


පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සඳහන් කළේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා විසින් මෙම වාර්තාව අමාත්‍යවරයා වෙත භාරදුන් බවයි.


මීට මාස කිහිපයකට පෙර, මැයි මස 11 වන දින අලුයම 4:45ට පමණ  ගැරඬිඇල්ල ප්‍රදේශයේදී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් මෙම අනතුර සිදුවිය. කතරගම සිට කුරුණෑගල බලා ධාවනය වෙමින් තිබූ NC - 1144 දරණ බස් රථයයි මෙලෙස අනතුරට ලක්වූයේ.


මෙම අනතුරින් මගීන් 23 දෙනෙකුගේ ජීවිත අහිමි වූ අතර තවත් 60 දෙනෙකු පමණ තුවාල ලැබූහ. 

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post