ප්‍රකාශයක් ලබා දීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණි හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර එම ස්ථානයෙන් පිටව ගිය බව පැවසේ.
පැයකට ආසන්න කාලයක් ඔහුගෙන් ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව ඔහු පිටව ගිය බව වාර්තා වේ.
ප්‍රමිතියෙන් තොර ඉමියුනොග්ලොබියුලින් එන්නත් ආනයනය කිරීම සම්බන්ධයෙන් හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා විසින් කරන ලද පැමිණිල්ලක් මත වික්‍රමසිංහ මහතාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට කැඳවා තිබුණි.
ඒ අනුව ඔහු CID ය හමුවේ පෙනී සිටියේය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් සිදු කරනු ලබයි.