ඊශ්‍රායලය ඊයේ (13) අලුයම ඉරානයේ න්‍යෂ්ටික ස්ථාන සහ හමුදා කඳවුරු කිහිපයකට ප්‍රහාරයක් එල්ල කළා. මේ ප්‍රහාරයෙන් පස්සේ දෙරට අතර තියෙන සම්බන්ධතා තවත් නරක අතට හැරිලා තියෙනවා.
ඊශ්‍රායලය කරපු ප්‍රහාරයට පළිගන්න විදිහට ඉරානය අද උදේ වෙනකම් ඊශ්‍රායලයට මිසයිල සහ ඩ්‍රෝන යානාවලින් දිගින් දිගටම ප්‍රහාර එල්ල කළා කියලා විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
දැනට තියෙන තත්ත්වය:
ඊයේ රෑ ටෙහෙරාන් සහ ටෙල් අවිව්වල තවත් පිපිරීම් සිද්ධ වුණා කියලත්, ටෙල් අවිව්වල ගොඩක් උසට කළු දුමාරයක් යනවා දැකගන්න පුළුවන් වුණා කියලත්, ජෙරුසලමේ පිපිරීම් වගේ සද්ද ඇහුණා කියලත් විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරානය එල්ල කරපු ප්‍රහාරවලින් ඊශ්‍රායලයේ දෙන්නෙක් මැරුණා කියලා ඊශ්‍රායලයේ නිලධාරීන් කියනවා.
ඊශ්‍රායලයේ රෝහල්වල හතළිස් දෙනෙක් ප්‍රතිකාර ගන්නවා. ඒ අයගෙන් දෙන්නෙක්ගේ තත්ත්වය බරපතළයි කියලා ආරංචියි.
ටෙල් අවිව්වල ගෑනු කෙනෙක් මැරුණා කියලා ඊශ්‍රායල තානාපතිවරයා ඇමරිකාවේ මාධ්‍යවලට කියලා තියෙනවා.
මේ ප්‍රහාරය පටන් ගන්න කලින්, ඊශ්‍රායලය කරපු රාත්‍රී ප්‍රහාරවලට පළිගන්නවා කියලා ඉරානයේ නායකයා වන අයතුල්ලා අල් කුමෙනි කියලා තිබුණා. ඊශ්‍රායලයේ අගමැති බෙන්ජමින් නෙතන්යාහුත් ඒකට උත්තර දුන්නා.
ඉරානයෙන් එන තර්ජන නැති කරනකම් දිගටම ප්‍රහාර එල්ල කරනවා කියලා ඊශ්‍රායල ආරක්ෂක හමුදාව කියලා තියෙනවා.
ඇමරිකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් CNN වලට කියලා තියෙන්නේ ඊශ්‍රායලයට සහයෝගය දෙනවා කියලයි. ඒ වගේම "ඔක්කොම විනාශ කරන්න" කලින් න්‍යෂ්ටික ගිවිසුමකට එන්න කියලා ට්‍රම්ප් ඉරානයට අනතුරු ඇඟෙව්වා කියලා සඳහන් වෙනවා.
ඊශ්‍රායලයේ ප්‍රහාරවලින් හමුදා නිලධාරීන් ඇතුළු 78 දෙනෙක් මැරුණා කියලත්, සිවිල් වැසියන් ඇතුළු 320 දෙනෙක්ට තුවාල වුණා කියලත් ඉරානයෙන් වාර්තා වෙනවා.
ඊයේ ඊශ්‍රායලය කරපු ප්‍රහාර නිසා ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ (IRGC) ප්‍රධාන නිලධාරියෙක් සහ තවත් හමුදා නිලධාරීන් කිහිපදෙනෙකුත් මැරුණා. න්‍යෂ්ටික විද්‍යාඥයින් 6 දෙනෙක් මියගියා කියලා එරට මාධ්‍ය වාර්තා කරනවා.
මේ සිද්ධිය නිසා අපේ පැත්තේ මිනිස්සුත් ටිකක් බයෙන් ඉන්නවා. මොකද මේ ප්‍රශ්න තවදුරටත් වැඩි වුණොත් ලෝකෙටම ඒක නරක විදිහට බලපාන්න පුළුවන්.