මැද පෙරදිග කලාපයේ පවතින යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රී ලංකන් ගුවන් සේවය යුරෝපය බලා ගමන් කරන ගුවන් මාර්ග කිහිපයක වෙනස්කම් සිදු කර තිබෙනවා.
මේ නිසා ලන්ඩන් ඇතුළු යුරෝපීය නගරවලට යන ගුවන් ගමන් වල කාලය තරමක් වැඩි විය හැකි බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසන්නේ. ගැටුම් පවතින ගුවන් කලාප මඟ හැරීම සඳහා මෙම වෙනස්කම් සිදු කර ඇති බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටිනවා.
අද (13) ලන්ඩන් සිට කොළඹ බලා පැමිණෙන UL504 ගුවන් යානය ඉන්ධන පිරවීම සඳහා දෝහා වෙත හරවා යැවීමට සිදුවන බවත්, කොළඹ සිට පැරිස් බලා යන UL501 ගුවන් යානයේ ගමන් මාර්ගයද වෙනස් කර ඇති බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරනවා.
මෙම වෙනස්කම් පිලිබඳ වැඩිදුර තොරතුරු දැනගැනීම සඳහා පහත දුරකථන අංකවලින් ශ්‍රී ලංකන් ගුවන් සේවය ඇමතිය හැකියි.
ශ්‍රී ලංකාව තුළ: 1979
ජාත්‍යන්තර ඇමතුම්: +94 11 777 1979
WhatsApp: +94 74 444 1979