BREAKING NEWS 🔴 :

වීරකැටිය අතුබොදේ පෞද්ගලික ඉඩමක සඟවා තිබූ දැවැන්ත හෙරොයින් තොගයක් අල්ලයි

වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක සඟවා තිබූ දැවැන්ත හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (09 වැනිදා) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධ


වීරකැටිය අතුබොදේ පෞද්ගලික ඉඩමක සඟවා තිබූ දැවැන්ත හෙරොයින් තොගයක් අල්ලයි - කිලෝ 110ක්; දෙසතියක් තුළ දෙවන වතාවට!

වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික ඉඩමක සඟවා තිබූ දැවැන්ත හෙරොයින් මත්ද්‍රව්‍ය තොගයක් ඊයේ (09 වැනිදා) තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසින් සොයාගන්නා ලදී. හෙරොයින් යැයි සැක කරන මෙම ද්‍රව්‍යයේ සම්පූර්ණ ප්‍රමාණය කිලෝග්‍රෑම් 110කට ආසන්න බව පොලිසිය පවසයි.


තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු නිශ්චිත බුද්ධි තොරතුරකට අනුව සිදුකළ මෙම වැටලීමේදී, අදාළ පෞද්ගලික ඉඩම තුළ සූක්ෂම ලෙස සඟවා තිබූ පොලිතින් පැකට් 100ක අසුරන ලද මෙම මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබේ.


සොයාගත් මෙම දැවැන්ත හෙරොයින් තොගය මේවනවිට වැඩි
දුර විමර්ශන කටයුතු සහ රසායනික පරීක්ෂණ සඳහා පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාර දී ඇත. කණගාටුවට කරුණක් වන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය සමත්වී නොතිබීමයි. ජාවාරම පිටුපස සිටින ප්‍රධානීන් සොයා පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.


මෙම වැටලීම දකුණු පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාගේ සෘජු උපදෙස් මත සිදුකර ඇති අතර, තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වසන්ත, පොලිස් පරීක්ෂක නිශාන්ත ලාල්, උප පොලිස් පරීක්ෂක චන්ද්‍රනාත් ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් මේ සඳහා දායක වී ඇත.


විශේෂයෙන් සඳහන් කළ යුතු කරුණක් නම්, මීට දෙසතියකට පමණ පෙර ද මේම වීරකැටිය, අතුබොදේ ප්‍රදේශයේම පිහිටි නිවසකින් හෙරොයින් කිලෝග්‍රෑම් සියයකට අධික ප්‍රමාණයක් පොලිස් අත්අඩංගුවට ගැනීමයි. මෙලෙස කෙටි කලක් තුළ එකම ප්‍රදේශයෙන් කිලෝ ගණනින් හෙරොයින් තොග විටින් විට අසුවීම පිළිබඳව අතුබොදේ මෙන්ම අවට ප්‍රදේශවාසීන් අතර ද දැඩි කතාබහක් සහ නොසන්සුන්තාවයක් හටගෙන තිබේ. ප්‍රදේශය මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ තෝතැන්නක් බවට පත්වෙමින් තිබේද යන බිය ඔවුන් තුළ මතුව ඇත.


මෙම මත්ද්‍රව්‍ය තොග කවුරුන් විසින් ගෙන්වා ඇත්තේ ද, ඒවා බෙදා හැරීමට සූදානම් කර තිබුණේ ද, ප්‍රදේශවාසීන් මේ පිළිබඳව කුමන තොරතුරු දන්නේ ද යන්න පිළිබඳව ඉදිරි විමර්ශන මගින් අනාවරණය කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කෙරේ.


මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post

Advertisement1

Advertisement2