එන්.බී.1.8.1 ලෙස හඳුන්වන නව කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් ගෝලීය වශයෙන් ඉහළ යාමක් පෙන්නුම් කරන බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ අධ්‍යක්ෂ මහාචාර්ය චන්දිම ජීවන්දර මහතා පවසයි.
ඔමික්‍රොන් ප්‍රභේදයේ උප පරම්පරාවක් ලෙස හඳුනාගෙන ඇති මෙම ප්‍රභේදය ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධීක්ෂණය යටතේ පවතින බව ද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය. මෙම තත්ත්වය සැලකිල්ලට ගෙන සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කිරීමේ වැදගත්කම ඔහු අවධාරණය කරයි.
මේ අතර, ශ්‍රී ලංකාවෙන් ද කොවිඩ් ප්‍රභේදය ආසාදනය වූ රෝගීන් හඳුනාගෙන ඇති බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය පවසයි.
එම සංගමයේ ලේකම් චමිල් මුතුකුඩ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මීට පෙර අනුගමනය කළ සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදයන් නැවතත් පිළිපදින ලෙසයි.
රටේ ජනතාව වශයෙන් ඔබ සැමගේ ආරක්ෂාව වෙනුවෙන් සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස් පිළිපදිමින් කටයුතු කිරීම ඉතා වැදගත් වේ.