BREAKING NEWS 🔴 :

ශ්‍රී ලංකා පොලීසිය යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන වලට පැය විසිහතරේම ආරක්ෂාව සපයයි

ශ්‍රී ලංකාවේ විදේශ ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. වාර්තා වන තර්ජන සැලකිල්ලට ගනිමින්, දිවයිනේ පිහිටුවා ඇ

ශ්‍රී ලංකාවේ විදේශ ජාතිකයින්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලීසිය විශේෂ වැඩපිළිවෙලක් ආරම්භ කර ඇත. වාර්තා වන තර්ජන සැලකිල්ලට ගනිමින්, දිවයිනේ පිහිටුවා ඇති චාබාඩ් නිවාසවලට (යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන) පැය 24 පුරාම ආරක්ෂාව සැපයීමට පොලීසිය පියවර ගෙන තිබේ.


මෙම මධ්‍යස්ථාන ඊශ්‍රායෙල් වැසියන්ට සහ සංචාරකයින්ට ආගමික කටයුතු වල නිරත වීමටත්, විවේක ගැනීමටත්, ආහාර පාන ලබා ගැනීමටත් ස්ථාපිත කර ඇත. ගාසා ගැටුම ආරම්භ වීමත් සමඟම, සංචාරක ප්‍රදේශවලට එල්ල විය හැකි තර්ජන පිළිබඳ අනතුරු ඇඟවීම් ලැබී තිබූ අතර, ඒ අනුව පොලීසිය මෙම මධ්‍යස්ථානවල ආරක්ෂාව තර කර ඇත.


ආරුගම්බේ ප්‍රදේශයේ රළ ක්‍රීඩාවේ නිරත වන ඊශ්‍රායෙල් සංචාරකයින්ට ද වැඩි ආරක්ෂාවක් සපයා ඇත.


සඳුදා දින කොළඹ පිහිටි චාබාඩ් (යුදෙව් ප්‍රජා මධ්‍යස්ථාන) නිවසක් ඉදිරිපිට නිහඬ විරෝධතාවයක නිරත වූ පිරිසක් පොලීසිය විසින් විසුරුවා හරින ලදී. 

එම විරෝධතාකරුවන් ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලා සිටියේ වීසා කාලය ඉක්මවා මෙරට රැඳී සිටින සහ අනවසර ව්‍යාපාර කටයුතුවල නිරත වන ඊශ්‍රායෙල් ජාතිකයින්ට එරෙහිව ක්‍රියා කරන ලෙසයි. 

ඔවුන් තවදුරටත් කියා සිටියේ මෙම ක්‍රියාකාරකම් හේතුවෙන් ප්‍රදේශවාසීන්ට අහිතකර බලපෑම් එල්ල වන බවයි.


ඕනෑම විදේශීය පුරවැසියෙකුගේ ආරක්ෂාව තහවුරු කිරීමට පොලීසිය කැපවී සිටින අතර, ඒ සඳහා අවශ්‍ය සියලු පියවර ගන්නා බව දන්වා සිටී.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post