වවුනියාව, හොරොව්පතාන මාර්ගයේ රම්බෙයිකුලම් ගම්මානයේ පිහිටි ළිඳකින් T-56 වර්ගයේ ගිනි අවි දෙකක් සහ පතරොම් 500ක් පමණ සොයාගෙන තිබේ.
වවුනියාව පොලීසිය සඳහන් කරන්නේ මෙම ගිනි අවි සහ පතරොම් තොගය වසර 20කට වඩා පැරණි ඒවා විය හැකි බවයි.
රම්බෙයිකුලම ප්‍රදේශයේ ඉඩම් හිමියෙකු සිය ළිඳ පිරිසිදු කිරීමට ගිය අවස්ථාවේදී මෙම ගිනි අවි සහ පතරොම් හමුවී ඇති අතර, ඒ පිළිබඳව වහාම වවුනියාව පොලීසියට දැනුම් දී ඇත.
වවුනියාව පොලීසියේ සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් එම ස්ථානයට ගොස් ගිනි අවි සහ පතරොම් සොයාගෙන පරීක්ෂණ ආරම්භ කර තිබේ. එම පරීක්ෂණවලදී මෙම ගිනි අවි සහ පතරොම් වසර 20කට වැඩි කාලයක් ළිඳේ තිබී ඇති බවට විශ්වාස කෙරේ.
වවුනියාව පොලීසිය මෙම ගිනි අවි සහ පතරොම් පුපුරුවා විනාශ කිරීම සඳහා අධිකරණ නියෝගයක් ලබා ගැනීමට කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.