මොරටුව ප්‍රසිද්ධ හෝටලයක සෝපානයක් කඩා වැටීමෙන් 19 හැවිරිදි තරුණ සේවකයෙකු ජීවිතක්ෂයට පත්වී තිබේ.
පොලීසිය පවසන පරිදි, අනතුර සිදුවන අවස්ථාවේ ඔහු හෝටලයේ රාජකාරි කරමින් සිට ඇත. විදුලි සෝපාන පද්ධතියේ ඇතිවූ දෝෂයක් හේතුවෙන් සෝපානය කඩා වැටී ඇති අතර එහි ප්‍රතිඵලයක් ලෙස ඔහු බරපතල තුවාල ලබා තිබේ.
තුවාල ලැබූ තරුණයා වහාම පානදුර මූලික රෝහලට ඇතුළත් කළ නමුත් ඔහු රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග පවසයි.
හෝටල් කළමනාකරු සිද්ධිය සම්බන්ධයෙන් මොරටුව පොලිසියට නිල වශයෙන් පැමිණිලි කර ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණයක් මේ වන විටත් පවත්වා ඇති අතර, මොරටුව පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.