BREAKING NEWS 🔴 :

කොහුවල නිවසකට වෙඩි තැබීමක්

කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල, පන්සල පාරේ පිහිටි නිවසක් වෙත අද (15) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.


කොහුවල පොලිස් වසමට අයත් කළුබෝවිල, පන්සල පාරේ පිහිටි නිවසක් වෙත අද (15) අලුයම වෙඩි තැබීමක් සිදුව තිබෙනවා.


පොලිසිය පවසන පරිදි යතුරුපැදියකින් පැමිණි අනන්‍යතාවය හඳුනා නොගත් පුද්ගලයින් දෙදෙනෙකු විසින් මෙම වෙඩි තැබීම සිදු කර ඇති අතර ඔවුන් නිවසේ ගේට්ටුවට හා නිවසට වෙඩි තබා තිබෙනවා.


මෙම වෙඩි තැබීමෙන් කිසිදු ජීවිත හානියක් හෝ තුවාල සිදුවී නොමැති බවයි වාර්තා වන්නේ.


සිද්ධිය සම්බන්ධයෙන් ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශය සහ කොහුවල පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා. වෙඩි තැබීමට හේතුව මෙතෙක් අනාවරණය වී නොමැති අතර සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් කිහිපයක් මේ වන විටත් විමර්ශන ආරම්භ කර තිබෙනවා.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post