ජනාධිපති අරමුදල මගින් ජනතාවට සපයනු ලබන සියලුම සේවාවන් ජූනි මස 21 වන දින සිට මාර්ගගත (Online) ක්‍රමයට ලබා ගැනීමට හැකි වන බව නිවේදනය කර ඇත. මින් පෙර වෛද්‍යාධාර සඳහා වන අයදුම්පත් දිවයිනේ සෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක් හරහාම භාර ගැනීම පෙබරවාරි මස 7 වන දින සිට ආරම්භ කෙරුණු අතර එය සාර්ථකව ක්‍රියාත්මක වීම හේතුවෙන් අනෙකුත් සේවාවන් ද විමධ්‍යගත කිරීමට තීරණය කර තිබේ.
ඒ අනුව, දිළිඳුකම පිටුදැකීමේ සහනාධාර, අධ්‍යාපනික ශිෂ්‍යත්ව, දක්ෂතා දක්වන දරුවන් ඇගයීම, විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ට සහනාධාර, වන අලි ප්‍රහාර වලින් පීඩාවට පත් දරුවන්ට සහන, ජාතික වශයෙන් හෝ රට වෙනුවෙන් සේවය කළ පුද්ගලයන් ඇගයීම, හදිසි අනතුරු හා ආපදා අවස්ථාවලදී සහනාධාර ඇතුළු ජනාධිපති අරමුදලින් ක්‍රියාත්මක වන සියලුම සේවාවන් සඳහා අයදුම් කිරීමේ හැකියාව ඕනෑම ප්‍රාදේශීය ලේකම් කාර්යාලයකින් මාර්ගගත ක්‍රමයට ලබාගත හැකිය.
මෙම නව ක්‍රමය නිසා ජනතාවට පහසුවෙන් සහ කාර්යක්ෂමව සේවා ලබා ගැනීමට හැකි වනු ඇතැයි අපේක්ෂා කෙරේ.