BREAKING NEWS 🔴 :

කෝපායි මඩතඩියේ පුද්ගලයෙකු තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කෙරේ

කෝපායි පොලිස් වසමට අයත් මඩතඩි ප්‍රදේශයේදී ඊයේ (ජූනි 13) පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.

කෝපායි පොලිස් වසමට අයත් මඩතඩි ප්‍රදේශයේදී ඊයේ (ජූනි 13) පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් වාර්තා වී තිබේ.


පොලිසියට ලද පැමිණිල්ලකට අනුව විමර්ශන ආරම්භ කර ඇති අතර මියගොස් ඇත්තේ මඩතඩි, ඉරුබාලේ ප්‍රදේශයේ පදිංචි 44 හැවිරිදි පුද්ගලයෙකි.


පොලිස් වාර්තාවන්ට අනුව මරණකරු ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටියදී සැඟව සිටි පිරිසක් විසින් තියුණු ආයුධවලින් පහර දී ඇත. බරපතල තුවාල ලැබූ ඔහු යාපනය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇත.


මෙම ඝාතනයට හේතුව පුද්ගලික ආරවුලක් බවට පොලිසිය සැක කරයි.

 සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා කෝපායි පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරමින් සිටී.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post