BREAKING NEWS 🔴 :

හඳුනා නොගත් මෘත ශරීරයක් මහබාගේ පොලිස් වසමෙන් හමුවෙයි

 

මහබාගේ පොලිස් වසමට අයත් මීගමුව පාර, වැලිසර, රාගම ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාළු නිවසකින් නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබේ. 2024 මැයි 21 වන දි

මහබාගේ පොලිස් වසමට අයත් මීගමුව පාර, වැලිසර, රාගම ප්‍රදේශයේ අතහැර දමා තිබූ පාළු නිවසකින් නාඳුනන පුද්ගලයෙකුගේ මෘත ශරීරයක් හමුවී තිබේ. 2024 මැයි 21 වන දින දහවල් කාලයේදී මහබාගේ පොලිසියට ලද තොරතුරක් මත විමර්ශන ආරම්භ කර ඇති අතර, මියගිය පුද්ගලයාගේ අනන්‍යතාව තවමත් තහවුරු කර ගැනීමට නොහැකි වී ඇත.


පොලිසිය සඳහන් කරන පරිදි මරණකරුගේ වයස අවුරුදු 50ක් පමණ වන අතර උස අඩි 5යි අඟල් 6ක් පමණ වේ. හමුවන විට එම පුද්ගලයා යටට කොට කලිසමක් හැඳ සිට ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය විසින් හදිසි මරණ පරීක්ෂණයක් සිදුකරන ලද අතර, පසුව මෘත ශරීරය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇත.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් මහබාගේ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post