BREAKING NEWS 🔴 :

දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් ඉලක්ක කරමින් විශේෂ මෙහෙයුමක්

ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම්

ශ්‍රී ලංකා පොලීසිය විසින් දිවයින පුරා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ මත්ද්‍රව්‍ය මෙහෙයුමක් දියත් කිරීමට සැලසුම් කර තිබේ. මත්ද්‍රව්‍ය උවදුරෙන් රට මුදාගෙන සදාචාරාත්මක හා සුරක්ෂිත සමාජයක් ගොඩනැගීම මෙම මෙහෙයුමේ ප්‍රධාන අරමුණයි.


මෙම මෙහෙයුම මගින් බලාපොරොත්තු වන ප්‍රධාන අරමුණු කිහිපයක් පහත පරිදි වේ:


1: රටේ අනාගත පරපුර මත්ද්‍රව්‍යවලින් ආරක්ෂා කිරීම.


2: මත්ද්‍රව්‍ය භාවිතය හා ජාවාරම හේතුවෙන් සමාජයේ ඇතිවන විනාශකාරී තත්ත්වයන්     වැළැක්වීම.


3: සමාජ, සංස්කෘතික, ආර්ථික හා සෞඛ්‍යමය පරිහානිය අවම කිරීම.


4: නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් හේතුවෙන් සිදුවන විදේශ විනිමය රටින් පිටතට යාම           වැළැක්වීම.


5: නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම් සහ බෙදාහැරීමේ ජාලයන් බිඳ දැමීම.

2025 මැයි 21 වන දින සිට ක්‍රියාත්මක වන මෙම විශේෂ මෙහෙයුම සඳහා සියලුම පොලිස් නිලධාරීන්ගේ සහභාගීත්වය අපේක්ෂා කෙරේ. වැඩබලන පොලිස්පතිතුමා විසින් මේ පිළිබඳව සියලුම පොලිස් නිලධාරීන් දැනුවත් කර ඇත.


මෙම මෙහෙයුම මගින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ බෙදාහරින්නන් හඳුනාගෙන ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට අපේක්ෂා කෙරේ. එමගින්, මත්ද්‍රව්‍ය උවදුරෙන් සමාජය ආරක්ෂා කර ගැනීමටත්, යහපත් අනාගතයක් සඳහා තරුණ පරපුරට අවස්ථාව උදා කර දීමටත් හැකිවනු ඇත.

මෙම පුවත ගැන ඔබගේ අදහස දක්වන්න

Post a Comment (0)
Previous Post Next Post